Local

උදේ අත්අඩංගුවට ගත් ශිරාන් බාසික්ගේ පුත්‍රයාට හවස ඇප !

අද උදෑසන අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයාවන නදීන් බාසික්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබෙනවා.

ඒ විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසුවයි.

අද උදෑසන ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදි කටුනායක ගුවන්තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය පෙබරවාරි 16 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ දී නදීන් බාසික් සහ අංගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගමන් කළ මෝටර් රථය මාර්ග රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු අනතුරට පත් කර පළා ගොස් තිබුණා.

ඒ ඔවුන් ගමන් කළ රථය නවත්වන ලෙසට අණකල අවස්ථාවේදි නොනවත්වා ධාවනය කරමින්. එහිදී පොලිස් යතුරුපැදියකට ද අලාබ හානි සිදු වුණා.

පසුව හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එම ස්ථානයේ තිබූ රන් පවුම් 100ක්, මෝටර් රථ 03ක යතුරු හමුවුණා.

අදාළ මෝටර් රථ පරික්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක්, ජංගම දුරකතනයක්, ලැප්ටොප් පරිගණකයක්, විදේශ මුදල් තොගයක්, නදීන් බාසික්ගේ නමට තිබු රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයේ නිකුත් කර තිබූ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් ද සොයාගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ නීති විරෝධි වත්කම් විමර්ශන අංශයට භාර දී තිබූ අතර, ඒ අනුව නදීන් බාසික් ඩුබායි සිට කටුනායක පැමිණි අවස්ථාවේ දී මිනී මැරීමකට තැත්කිරීම සහ රිය අනතුරක් සිදු කර පළායෑමේ චෝදනාව මත වැල්ලවත්ත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago