Local

වී අලෙවි මණ්ඩලයෙන් ගොවිමහතුන්ට සුබ පණිවිඩයක් !

අද දිනයේ සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කලා.

ඒ අනුව, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිලදී ගැනීමට කටයුතු කරන බව බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේය.

මේ අතර, වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය ගෙන තීරණය අනුව ඉදිරි කන්නයේ සිට එම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව, හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ස දක්වා ඉහළ නැංවීමට නියමිතව තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බව වාර්තා වේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago