Local

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ මඩ ප්‍රචාරණය කරන්නන්ට වැඩ වරදින ලකුණු !

මැතිවරණ කාල සීමාවක් ප්‍රකාශයට පත් කර ඇති කාල වකවානුවක සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ රෙගුලාසි උල්ලල්ංඝනය කරන අන්තර්ගතයන් පිළිබඳව මැතිවරණ කොමිසම අදහස් දක්වා තිබුණා.

එවන් අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළින් ඉවත් කරනා බවට Facebook, YouTube, Instagram සහ Twitter ආයතන සහතික කර ඇති බවට එම කොමිසම දන්වා තිබූ බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.

එවන් අන්තර්ගතයන් සමාජ මාධ්‍ය වේදිකාව වල පවතින බවට මැතිවරණ කොමිසම විසින් දන්වා සිටි අවස්ථාවේ සිට පැයක් ඇතුළත ඒවා ඉවත් කරනා බවටයි එම සමාගම් නියෝජිතයින් මැතිවරණ කොමිසමට සහතික වී ඇත්තේ.

මීට අමතරව දිගින් දිගටම මෙම මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා මුදා හරින පුද්ගලයන්ගේ ගිණුම් මැතිවරණ කාලය සඳහා අක්‍රීය කරවීමට ද හැකියාව පවතින බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා සිටියා.

අදාළ ආයතන වලින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ හැකියාවද මැතිවරණ කොමිසම සතු වනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago