Political

රවුෆ් හකීම්ට දැඩි විරෝධයක් – අකුරණ රැළියේදී හූ සංග්‍රහයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අකුරණදී පැවැත්වූ සමගි ජන බලවේග ජන රැලියක් ඇමතූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ රැලියට සහභාගී වූ ජනතාව පසුගියදා (අගෝ. 23) හූ තබමින් දැඩි විරෝධතා පළ කර ඇත.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ගෙන යන දැඩි ජාතිවාදී ප්‍රචාර මෙම විරෝධයට මූලික හේතුව බවට පත්වී ඇතැයි කියයි.

හූ හඬ මැද වුවද රැලිය ඇමතීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා උත්සාහ කළත් ජනතා විරෝධය දැඩිවීමත් සමග ඔහුට විනාඩියක පමණ කාලයකින් එම වේදිකාවෙන් බැස යෑමට සිදුව ඇති බව ද වාර්තා වේ.

හූ හඬ එල්ල වීමත් සමග රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සිය කතාව නවත්වා දැමූ නමුත් නැවත සිය කතාව ආරම්භ කළ විට ජනතාව දිගින් දිගට ම ‘හූ’ තියමින් මන්ත්‍රීවරයාට විරෝධය පළ කර තිබේ.

යළි සිය කතාව ආරම්භ කළ හකීම් මන්ත්‍රීවරයා,

“ප්‍රචණ්ඩත්වය ගැන කියන කොට දැන් ගර්භාශයේ අන්තවාදයක් ගැන කතාවක් යනවා. ඒ කතාව උඩ දැන් මට එන්තරවාසියක් ඇවිත් අපේ හාමුදුරුවනේ. ඒ එන්තරවාසිය ඒම තුළ ඒක සාධාරණීකරණය කරන්න හදනවා අපේ හාමුදුරුවනේ. ඒ ගැන අපිට ප්‍රශ්නයක් නෑ. මම ඉතා ම ගරු ගාම්භීරත්වයෙන් කියා සිටිනවා ඕනෑ ම නඩුවකට මුහුණ දෙන්න ලෑස්තියි. ඒක පිළිබඳව මම පෞද්ගලිකව උසාවියට ගිහිල්ලා නඩු කියනවා.” යනුවෙන් පැවසීය.

ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස සහභාගී වූ මෙම ජන හමුවට රෝහිණී කවිරත්න, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ හිටපු පාර්ලිමේන්තු සුජීව සේනසිංහ යන පිරිසද අකුරණ රැලියට එක්ව සිටියහ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago