මැතිවරණ කටයුතු සඳහා රජයේ දේපළ යොදා ගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනූව මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.
රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ.
කෙසේවෙතත්, මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජය ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නැති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ හෝ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහාද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත යුතු බව කොමිසම දැනුම්දී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…