Local

IMF එක සමඟ විවෘත සාකච්ඡාවකට එන්න – ජනපති අනුරට සහ සජිත්ට අභියෝග කරයි !

වේදිකාවල ලබාදෙන පොරොන්දුවල සත්‍ය අසත්‍යතාව ජනතාවට දැන ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත විවෘත අභියෝගයක් සිදුකළා.

ඒ අද (25) පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩු කරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හැර වෙනත් විකල්පයක් තිබේනම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන ලෙසද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සිය අදහස් දක්වමින් කියා සිටියේ අවශ්‍ය අවස්ථාවේ IMF සමඟ සිදුකළ වැඩසටහන් මඟින් ක්‍රමයෙන් රට යථා තත්වයට ගැනීමට හැකි වූ බවයි.

මම මේ වගකීම් භාරගත්තේ එදා මේ රටේ ජනතාව ගෑස්, ඉන්ධන, ඖෂධ සහ ආහාර පෝලිම්වල දුක් විඳින අයුරු දුටු නිසයි . ජනතාව මෙවන් පීඩාවකට පත්ව සිටින අවස්ථාවක ඔවුන් ගැන අනුකම්පා කර එම ප්‍රශ්න විසඳීමට කටයුතු කළයුතුයි. එය සිදු නොකිරීම මහත් පාපයක්. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ එම පාපයයි. නමුත් අපි සියලුදෙනා එකට එක්ව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියක් රැක දුන්නා.

අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන ආරම්භ කළා. රටවල් 18ක් සමඟ සාකච්ඡා කළා. මේ සියලුදෙනා සමඟ එකඟතාවයන් ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව තමයි අද අපි රට මේ තත්ත්වයට ගෙන ආවේ.

අපට අසිරු කාලයක් තිබුණා. රජයේ ආදායම් වැඩි කර ගැනීමට අපිට බදු වැඩි කර ගැනීමට සිදුවුණා. ඒ හමුවේ ජනතාවට එල්ල වූ බර අපි දන්නවා. ඒවා විද දරා ගත් ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා. නමුත් ඒ බර ටිකෙන් ටික අඩු කිරීමටත් අප කටයුතු කළා. ජනතාවට සහන ලබාදුන්නා.

අප මේ සහන ලබාදුන්නේ රුපියල ශක්තිමත් කරමිනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව අපට ඉලක්ක තිබෙනවා. අප එම ඉලක්ක අනුව ක්‍රියා කළ යුතුයි.
නමුත් විපක්ෂය සිය මැතිවණ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා බඩු මිල අඩු කරනවා, බදු අඩු කරනවා කියලා. බදු අඩු කළ විට රජයේ ආදායම අඩු වෙනවා. එවිට අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක වෙත ළගා වීමට නොහැකි වෙනවා. එවිට අපට ලැබෙන ආධාර නැති වෙනවා. අපට නැවතත් 2022 ජූලි මාසයේ රට තිබු තත්ත්යට යාමට සිදු වෙනවා. බදු අඩු කරන්න මමත් කැමතියි. නමුත් එය සිදු කළ යුත්තේ රුපියල ශක්තිමත් කිරීමෙන් පමණයි. ඒ වෙනුවෙන් වු වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අසීරු වුණත් අප මේ ගමන යා යුතුයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago