පසුගිය ජූලි 8 සහ 9 යන දින වල පැවති රජයේ සේවක වර්ජනයට සහභාගී නොවී සේවයට පැමිණි රජයේ නිලධාරීන්ට දීමනාවක් ලෙස මෙම මස වැටුපට රු. 10,000ක මුදලක් ගෙවීමට නියමිතව තිබුණි.
මේ සමග ප්‍රසංසා සහතිකයක් ලබා දීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබුණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති වරපිටාවක රජයේ සේවකයන්ට එවැනි දීමනා සහ සහතික ලබා දීම දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමක් විය හැකි බැවින් එම කටයුතු නවතා දමන ලෙස මැතිවරණ කොමිසම ලිපියක් මගින් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.
වැඩවර්ජනයට එක් නොවූ විධායක ශ්‍රේණියේ නොවන රාජ්‍ය නිලධාරීන්ට ලැබීමට තිබූ මෙම මුදල ඡන්ද විමසීමෙන් පසුව ලබා දීමට කටයුතු කරන ලෙස ද කොමිසම වැඩිදුරටත් දන්වා තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…