ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් වෙත රුපියල් බිලියන 2ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.
රවුෆ් හකීම් සිදුකළ බව කියන අපහාසාත්මක ප්‍රකාශයක් හරහා තම කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මෙම එන්තරවාසිය යොමුකර තිබෙනවා.
2019 මැයි මාසයේදී මන්ත්‍රී අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්, හිතාමතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් 2024 අගෝස්තු මාසයේදී කාත්තන්කුඩියේදී දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කළ බව එම එන්තරවාසියේ සඳහන්වනවා.
තමාගේ කීර්තිනාමයට හානි කිරීමට මෙන්ම, මහජනතාව තුළ තමාට ඇති ගෞරවය හීන කිරීමට සහ දේශපාලන නායකයෙකු හා ජනාධිපති අපේක්ෂකයකු ලෙස තමාට ඇති මහජන ප්‍රතිරූපයට හානි කිරීම සඳහා ද්වේශ සහගත ප්‍රකාශයක් සිදුකර ඇති බවට ද දිසානායක මන්ත්‍රීවරයා එමගින් වැඩිදුරටත් චෝදනා කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…