සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි තලතා අතුකෝර්ළ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් සිය මන්ත්රී ධූරයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ සමගි ජන බලවේගය පක්ෂයෙන් ද තමා ඉවත් වන බවයි.
2004, 2010, 2015 සහ 2020 යන මැතිවරණ වලදී රත්නපුර දිස්ත්රික්කය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තු වරම් දිනා ගත් අතර ගාමිණී අතුකෝරළ තම සහෝදරයාගේ අභාවයෙන් පසු ඇය සිය දේශපාලන දිවිය ආරම්භ කලා.
එක්සත් ජාතික පක්ෂය දෙපිළකට බෙදී කටයුතු කිරීම හේතුවෙන් තම හෘද සාක්ෂියට එකඟ නොවන කටයුත්තක් බැවින් ඇය මෙම තීරණයට එළඹුණු බව ඇය පවසා සිටියා.
2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවට ඔවුන් ගෙන ආ නිහඬ යෝජනාව ඔවුන් අතින් සිදු වූ වරදක් බවත් එය අනාගතයට බලපාන අයුරු නොසිතා කල දෙයක් බවත් එය පක්ෂයේ පරිහානියට හේතු වූ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.