බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මනුෂ නානායක්කාර මහතාට සිය පාර්ලිමේන්තු අසුන අහිමිවීම හේතුවෙනි.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 09 වනදා තීන්දු කළේය.
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුනි.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…