පාර්ලිමේන්තුවේ මීයන් ඇල්ලීමට මිලියන 1.2ක් වෙන් කරයි !

271 Views
1 Min Read

පාකිස්ථාන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් බෝවීම හේතුවෙන් එරට බලධාරීන් මහත් අපහසුතාවකට පත්ව තිබෙනවා.

2008 වසරේ සිට රැස්වීම් වාර්තා බැලීමට නිල කමිටුවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම ගැටලුව හෙළිව ඇති අතර, අදාළ වාර්තා සෙවීමේදී ඉන් බොහෝමයක් මීයන් විසින් විනාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.

මීයන්ගේ ආක්‍රමණය මේ වනවිට දරුණු වී ඇති අතර එය වඩාත් ව්‍යාප්ත වී තිබෙනවා. මේ හේතුවෙන් මීයන් මර්දනයට දඩයම් බළලුන් යෙදවීම සඳහා එරට වාර්ෂික අයවැයෙන් පාකිස්ථාන රුපියල් මිලියන 1.2ක් වෙන් කර ඇති බව‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තව ද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් ඇතුළු විය හැකි ස්ථාන වටා දැල් ගැසීමටද අදාළ මුදල් යෙදවීමට නියමිත බවද පැවසේ.

එම පරිශ්‍රවල පළිබෝධ පාලනය සිදු කිරීම සඳහා පුද්ගලික සමාගම් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බවටයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Share This Article
Leave a comment