Local

ජනාධිපති අපේක්ෂකයන් සිදුකරන ප්‍රකාශ ගැන IMF විමසිල්ලෙන් !

ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ගිවිසුම් පිළිබඳව ජනාධිපති ධුර අපේක්ෂකයන් මැතිවරණ වේදිකාවල කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධානය යොමු කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෙවර්ගේ ප්‍රධානත්වයෙන් යුතු, ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන නිරීක්ෂණ කණ්ඩායමක් මේ දිනවල මෙරටට පැමිණ ඇති අතර අදාළ නිරීක්ෂණ කණ්ඩායම විසින් මෙම ප්‍රකාශ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටිනවා.

මෙම නිරීක්ෂණ කණ්ඩායම, මහනුවර ජනාධිපති මන්දිරයේදී පෙරේදා (19) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර ඇති අතර මේ සතිය ඇතුළතදී අනෙක් ජනාධිපති ධුර අපේක්ෂකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ද පෙරේදා (19) රාත්‍රියේ සම්බන්ධ වී ඇති මෙම නිරීක්ෂණ කණ්ඩායම විසින්, පෙරහර නරඹන ජනතාව නිදහසේ සිය කටයුතුවල නිරත වන්නේද යන්න සම්බන්ධයෙනුත් අධ්‍යයනයක නිරත වී ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago