Health

ළමුන් අතර පැතිර යන භයානක රෝගී තත්වයක් ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුවත් කිරීමක් !

ළමා හතිය වැනි රෝග තත්ත්වයන්‍ මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති  බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ අගය ද ඉහළ ගොස් ඇති බව එම මහතා ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“කැස්ස හුස්ම ගැනීමේ අපහසුව තියෙනවා නම් මේක ළමා හතිය ඇති වීමක් වෙන්න පුළුවන්. දෙවනුව වෛරස් උණ පැතිරයෑමේ හැකියාවකුත් තියෙනවා. දැනටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරිලා තියෙනවා. විශේෂයෙන් ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් උණ තමා පැතිරිලා තියෙන්නේ. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකියි. ඒ නිසා පුළුවන් තරම් කැස්ස, හෙම්බිරිසාව, උණ තියෙනවා නම් ඒ දරුවන්ව ගෙදර තියා ගන්න. රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ අයට මාස්ක් එකක් පලඳවන්න. ඊට පස්සේ ළමා හතියත්, ස්වසන රෝගත් වැඩිවීම ගැන අපි කල්පනාකාරී විය යුතුයි. රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් ඒක ළමා හතිය වෙන්න පුළුවන්. කැස්ස, උණ සමග පපුව රිදෙනවා නම් උණ දිගටම පවතිනවා නිව්මෝනියා තත්ත්වයට පත්වෙලා ද කියලා සොයා බැලිය යුතුයි. ඉහළ ස්වසන මාර්ගයේ සහ පහළ ස්වසන මාර්ගයේ රෝග වැඩිවෙන්න පුළුවන් සීතල සමගම. ඒ නිසා ළමයින්ව පරිස්සම් කරගන්න.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago