Local

හරක් කටාට පලා යාමට සහය දුන් කොස්තාපල් නිදොස් කොට නිදහස් !

නඳුන් චින්තක නොහොත් හරක් කටා ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කිරීමේ සිද්ධියට සහාය දුන් බවට චෝදනා එල්ලවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් සංජය අබේසිංහ ව අධිකරණය මගින් නිදොස්කොට නිදහස් කර තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර මාස 11ක පමණ කාලයක් TIDයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

ඒ ඔහුව අද (20) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව නිදොස් කොට නිදහස් කරන ලදී.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago