රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම එ.ජා.ප නායකයින් සහ සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස එක්ව රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් සිදුකරන මැතිවරණ ව්‍යාපාරය ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක (19) මාධ්‍ය සාකච්ඡාවක් අතර චෝදනා කරනු ලැබුවා.
මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක පැවසුවේ මැතිවරණ කොමිසම විසින් දක්වා ඇති පැහැදිලි නිර්ණායක ජනාධිපතිවරයා විසින් එළිපිට බිඳ දමන බවය.
මැතිවරණ කොමිසමෙන් ඉතා පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්ණායක කිසිවක් සැලැකිල්ලට භාජනය නොකරමින් රනිල් වික්‍රමසිංහ මහජන මුදල් සහ රාජ්‍ය දේපොළ යොදා ගනිමින් සිටිනවා.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි වුණා. රනිල් වික්‍රමසිංහ ඔවුන් දැරූ අමාත්‍යාංශවලම උපදේශක තනතුරු ලබාදී ඒ අමාත්‍යාංශවලම වාහන, මුදල් ඇතුළු සියලු වරප්‍රසාද ලබාදී තිබෙනවා නව පත් කිරීම් වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසමෙන් චක්‍රලේඛ නිකුත් කර තිබියදී.
එක්සත් ජාතික පක්‍ෂය මුළුමනින්ම රජයෙන් යැපෙන අතර, මැතිවරණයට ඒ සියලු දෙනා යොදවා සිටිනවා. රුවන් විජේවර්ධන, සාගල රත්නායක, අකිල විරාජ්, ආශු මාරසිංහ, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු සියලුදෙනා උපදේශකයන්. නවීන් දිසානායක ආණ්ඩුකාරවරයෙක්. එජාප නායකයෝ සියලුදෙනා රාජ්‍ය දේපොළ, රාජ්‍ය වාහන විශාල ලෙස මෙම මැතිවරණය ව්‍යාපාරයට යොදවා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඉන්නවා.
ඒ වගේම විපක්‍ෂ නායකවරයා මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ විපක්‍ෂ නායක කාර්යාලයේ. විපක්‍ෂ නායක කාර්යාලය කියන්නේ රජයේ ස්ථානයක්. එය සමඟි ජන බලවේගයේ පක්‍ෂ කාර්යාලයක් බවට පත් කර ගන්නේ කොහොමද? ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ කීවා වාගේ ලෝකයා හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නීතිය රැකීම ගැන කතා කරන ඔවුන් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්නේ මහජන ධනය සහ දේපොළ අවභාවිත කරමින්.
අපේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානයෙනුත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…