ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණයට අදාළ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම ඇතැම් පිරිස් ගැටලුවක් කරගෙන ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ.
කෙසේ වෙතත් අදාළ ඡන්ද ලකුණු ගැසට් පත්‍ර දෙකකින් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව ද එම සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පවසනවා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායමක් ගෑස් සිලින්ඩරය සිය ඡන්ද ලකුණු ලෙස තෝරාගෙන තිබුණා.
එවැනි පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ලකුණ ලබා දීම ගැටලුකාරී තත්ත්වයක් බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා කළේ.
ජනාධිපතිවරණ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර එය කොටස් දෙකකින් සමන්විත වනවා. එහි පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු දක්වා ඇති අතර දෙවන කොටසේ දක්වා ඇති ඡන්ද ලකුණු වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පෙන්වා දෙන්නේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…