රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කිරීමෙන් පසු රෝගීන් තිදෙනෙකුට ජීවිත කාලය පුරාම පෙනීම අහිමි වූ බව බව පවසමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 10 දෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා පුද්ගලයින් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සම් ගොනු කර තිබෙනවා.
ඒ 2023 අප්‍රේල් 5 වැනිදා නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු ලබාදුන් බාල “ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට්” ඖෂධ හේතුවෙන් අන්ධ භාවයට පත් වූ බව පවසමින්.
කෙහෙළිය රඹුක්වැල්ල, ජානක චන්ද්‍රගුප්ත, නීතිපති, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, ආචාර්ය විජිත් ගුණසේකර, අසේල ගුණවර්ධන, රොහාන් එදිරිසිංහ සහ මහේන්ද්‍ර සෙනෙවිරත්න මෙන්ම යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගමද මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මක්කාරි රාජරත්නම් නම් පැමිණිලිකරු ප්‍රකාශ කළේ 2023 අප්‍රේල් 19 වන දින අක්ෂි බිංදු කිහිපයක් ලබා දීමෙන් පසු තමාට හිසරදය, කැක්කුම සහ කඳුළු ඇති වූ බවයි. ශල්‍යකර්මයට ලක් කළ ඇසේ ඔහුගේ ඇස් පෙනීම සීඝ්‍රයෙන් ගිලිහී යන බව අතිරේක වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. ඔහුගේ රෝගය 2023 මැයි 10 වන දින ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය වෘත්තිකයන් විසින් හඳුනාගෙන ඇති අතර බාල අක්ෂි බිංදු මගින් ඇති කළ බව කියන බරපතල අක්ෂි ආසාදනයක් බව සොයාගෙන ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…