පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඉන් මිය ගොස් ඇත්තේ, කැලණිය ප්‍රදේශයේ නාරම්මිණිය පාරේ පදිංචි 39 හැවිරිදි අයෙක්.
පසුගිය 18 වැනිදා අදාළ පහර දීම සිදු කර ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව සඳහන්.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බවටයි, මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් පහර දී ඇති බවත්, ඊට සම්බන්ධ වයස අවුරුදු 24ක් වන සැකකරුවෙකු කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.
අදාළ ඝාතනය සඳහා භාවිත කළ පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…