Local

නායයාම් අවදානම තවදුරටත් !

දිස්ත්‍රික්ක 7 කට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කෙරුණු නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැළියගොඩ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් රතු නිවේදන නිකුත් කෙරුණා.

එසේම කොළඹ, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළා.

මේ අතර, අයහපත් කාලගුණික හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කළුතර, පරගොඩ ප්‍රදේශයේ ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථාන ගත කිරීමට පියවර ගත් බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාව සඳහන් කළේ, බුලත්සිංහල ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කෙරුණු අතර, එම සහන කණ්ඩායම මගින් පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago