Political

අපේක්ෂකයන් 90%ක පෞද්ගලික අරමුණු ගැන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයෙන් හෙළිදරව්වක් !

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 39න් 90%ක් ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය සඳහා නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානය පවසයි.

මින් වැඩි පිරිසක් ව්‍යවසායකයෝ, දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, අපේක්ෂකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීමෙන් වැඩිවන සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.

තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීම් ලබා ගැනීම, ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබා ගැනීම, මීළඟ මහ මැතිවරණයේදී තරග වැදීමට ජන පදනම සකස් කර ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ ඒවායේ නිලතල ලබා ගැනීම, මාධ්‍යයන්හි වෙන් කෙරෙන ගුවන් කාලය පාවිච්චි කරමින් ප්‍රධාන අපේක්ෂකයන්ට කෙලින්ම හෝ අනියමින් සහාය දැක්වීම සහ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම යනාදී කාරණා මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර වන බව වැඩි දුරටත් සඳහන් වෙයි.

පළාත් පාලන ආයතනයක මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා හයිය ලබා ගැනීම මීට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයකුගේ අරමුණ වූ බව ඔහුගේම ප්‍රකාශයකින් තහවුරු වූයේ යැයිද ඔහු පවසා සිටියා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago