රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබා දීමට නියමිතව තිබෙනවා.ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති බව සඳහන්.
එම මාසයේ දී සැප්තැම්බර් මස දීමනාව ද ලබා දෙන බවටයි එහි දක්වා ඇත්තේ. චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සියලුම රජයේ විශ්‍රාමිකයන් වෙත රුපියල් 3000ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීමටයි රජය මීට පෙර තීරණය කළේ.
කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාවේ දී අදාළ දීමනා ලබා දීමෙන් වළකින ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉල්ලීමක් සිදු කර තිබුණා. ඒ අනුවයි, අදාළ දීමනවා ඔක්තෝබර් මස සිට ලබා දීමට තීරණය කර ඇත්තේ.
මීට පෙර සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන බවට සඳහන් කරමින්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…