කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (18) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රතිකාර සඳහා ඔවුන් මේ වනවිට කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි, පොලිසිය සඳහන් කළේ. කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මෙලෙස ගැටී ඇත්තේ, මහනුවර පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින පිරිසක් හා කොළඹ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිව් දෙනෙක් ගමන් ගත් රථ දෙකක්. අදාළ රථ තුළ මාස 8ක සහ අවුරුදු එකහාමාරක දරුවන් දෙදනෙකු සිට තිබෙනවා.
එමෙන් ම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ද තුවාල ලබා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ. මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට නින්ද යාම මෙම අනතුරට හේතුව බව මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.
තුවාලකරුගේ තත්ත්වය බරපතල නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…