ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සම්බුද්ධ ශාසානය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉටු කරනු ලබන මෙහෙවර එතුමාගේ ඉදිරි සාර්ථකත්වයන්ට නිසැක වශයෙන්ම හේතුවනු ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අතර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි සිටි ජනතාව අතරට ද ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන , රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, එස්.එම්.චන්ද්‍රසේන, සම්පත් අතුකෝරළ එච්.සී.මුතුකුමාරණ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, පී.හැරිසන් , හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව ට එක්ව සිටියහ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…