Local

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් – කතිරය වෙනස් වෙයි යන පුවත සාවද්‍යයි – Fact Checked !

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද හෙතෙම කියා සිටියා.

ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද හෙතෙම පැවසුවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු සොයා බැලූ Fact Cresendo වාර්තාවට අනුව,

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කරන පරිදි කිසිඳු හෝ අපේක්ෂකයෙකු 50% කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නේ නම් මානප ක්‍රමය මඟින් සලකුණු කල දෙවන හා තෙවන මානාප සැලකිල්ලට ලක්වීම පිළිබඳව මෙහිදී පැවසුවද, කතිරය භාවිත කිරීමට නොහැකි බව කිසිඳු අවස්ථාවක එම මහතා නොපවසයි.

Fact Cresendo වාර්තාවට අනුව මැතිවරණ කොමිසමේ පැහැදිලි කිරීම ද මෙලෙස දැක්විය හැකි ය.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා පෙන්වා දෙන්නේ, ‘කතිරය’ ලකුණ සලකුණු කිරීම අවලංගු කර නොමැති බවත්, යමෙකුගේ අභිමතය එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දයක් ලබා දීමට නම්, අදාළ අපේක්ෂකයාගේ සලකුණ ඉදිරියේ කතිර ලකුණ භාවිත කළ හැකි බවයි. එහෙත් එක් අපේක්ෂකයෙකු ට වැඩියෙන් ඡන්දය ලබා දීමට අදහස් කරන්නේ නම් කතිරය භාවිතා කිරීම වලංගු ක්‍රමයක් නොවන බවත් එනම් කතිරය සමඟ කිසිඳු හෝ තවත් ලකුණක් යොදන්නේ නම්, එය අවලංගු වන ඡන්දයක් ලෙස සැලකෙන බවයි.

මේ නිසා නිසි අකාරයෙන් අපේක්ෂකයින් එක් අයෙකුට වඩා ඡන්දය ලබදෙන්නේ නම්, එසේ දීමට අදහස් කරන ප්‍රමුඛතාවය මත, 1 ලෙස සිය පළමු ඡන්දයත්, 2,3 ලෙස දෙවන සහ තෙවන මනාප ද, ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ හැකි බව එම මහතා පෙන්වා දී තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago