පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිව්දෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ පසුගිය 12 වැනිදා රාත්‍රියේ පළමු වසරේ සිසුන් දෙදෙනකුට ඔවුන් නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට ඇතුළු වී බරපතළ ලෙස පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
පහර කෑමෙන් තුවාල ලත් සිසුන් දෙදෙනා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසු වූ එක් සිසුවකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. ඔහුගේ එක් කනකට බරපතළ හානි සිදුව තිබෙන බව වාර්තා වනවා.
පහරකෑමට ලක් වූ සිසුන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පහර දුන් සිසුන් සිව්දෙනා විද්‍යා පීඨයේ තෙවන හා සිව්වන වසරවල අධ්‍යාපනය ලබන බව සිසුන් බවට හඳුනාගෙන තිබෙනවා.
මෙම සිසුන් හතර දෙනාට එරෙහිව විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය මගින් විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන තෙක් ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මගින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…