ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්තානයෙන් ද සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙම සොයාගැනීම පාකිස්තානය වසරේ පළමු වඳුරු උණ රෝගියා ලෙසයි හඳුන්වා ඇත්තේ.
මෙසේ mpox හෙවත් වඳුරු උණ වෛරසයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.
මේ අතර, වඳුරු උණ වෛරසය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් ද සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නගරයේ අප ජලය ලබාගෙන සිදු කළ සාම්පල පරීක්ෂණයක දී මෙම වෛරසය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
තවද වඳුරු උණ වැළඳුණු රෝගියෙකු ඊයේ (15) ස්වීඩනයෙන් වාර්තා වූ අතර, අප්‍රිකානු මහද්වීපය පුරා පැතිර යන මෙම වෛරසය වැළඳුණු රෝගියෙකු ඉන් පිටත හමු වූ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.
මෙම වෛරසය වැළදීමෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයින් 450 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…