Cricket

ශ්‍රී ලංකා – අයර්ලන්ත කාන්තා තරඟාවලියෙන් අයර්ලන්තයට ජය !

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ පැවැති දෙවන සහ අවසාන තරගයෙන් සංචාරක ශ්‍රී ලංකාව පරදා ලකුණු 7ක තියුණු ජයක් ලබන්නට සත්කාරක අයර්ලන්ත කාන්තාවන් සමත්වූහ.

පෙරේදා (13 දා) අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 173ක් ලබාගැනීමට අයර්ලන්තය සමත්වූවාය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් පමණි.

ඒ අනුව ලකුණු 7ක තියුණු ජයක් ලබන්නට අයර්ලන්තයට හැකි විය.

මේ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවටත්, දෙවැනි තරගයේ ජය අයර්ලන්තයටත් හිමිවීම හේතුවෙන් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත්විය.

අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී ගබී ලුවිස් පන්දු 75කින් ලකුණු 119ක් ලබාගැනීමට සමත්වූ අතර ඇයගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 17ක් ඇතුළත් වීම කැපී පෙනිණි. ඊට අමතරව ඔර්ලා ප්‍රෙන්ඩිර්ගස්ට් ලකුණු 38ක් ලබාගත්තා ය.

පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි ලකුණු 28කට කඩුලු 1ක් සහ අචිනි කුලසූරිය ලකුණු 36කට කඩුලු 1ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පෙර තරගයේදී මෙන්ම විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්වූ අතර ඇය පන්දු 44කින් ලකුණු 65ක් ලබාගත් අතර ඇයගේ ඉනිම ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඊට අමතරව කවීෂා දිල්හාරි ලකුණු 51ක් ලබාගැනීමට සමත්වූවාය.

පන්දු යැවීමේදී ඔර්ලා ප්‍රෙන්ඩිර්ගස්ට් ලකුණු 28කට කඩුලු 2ක්, ෆියා සර්ගන්ට් ලකුණු 28කට කඩුලු 2ක් දවාලූවාය.

පන්දු 75කින් ලකුණු 119ක් ලබාගත් ගබී ලුවිස් තරගයේ වීරවරිය සහ තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන ලබන්නට සමත්වූවාය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago