ඉන්දීය වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිදුවීමක් මුල්කර ගෙන එරට වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින් විරෝධතා ආරම්භ කර තිබේ.
ඒ ඝාතනය කෙරුණු වෛද්‍යවරියට යුක්තිය ඉටුකරන ලෙසට ඉල්ලීම් කරමිනි.
එමෙන්ම අපරාධය පිළිබදව විමර්ශනය කිරීම ඉන්දීය මධ්‍යම විමර්ශනය කාර්යාංශයට භාරගෙන ලෙසට ඔවුන් ඉල්ලීම් කරයි.
31 හැවිරිදි ඉන්දීය වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ පුවතක් වාර්තා වුණේ මීට දින කිහිපයකට පෙරාතුවය.
ඒ ඉන්දියාවේ කොල්කටා නගරයෙනි.
එම සිදුවීම මුල්කරගෙන මේ වනවිට ඉන්දියාවේ නොසන්සුන් තත්ත්වයක් උද්ගතව තිබේ.
ඒ ඝාතනය කෙරුණු වෛද්‍යවරියට යුක්තිය ඉටුකරන ලෙසට ඉල්ලීම් කරමින් ඇරඹි විරෝධතා හේතුවෙනි.
ඉන්දීය වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සිය ගණනක් මෙම විරෝධතාවලට එක්ව සිටී.
කොල්කටා, ලක්නව්, චන්දිගර් සහ නව දිල්ලි නගරවල විරෝධතා ක්‍රියාත්මකය.
විරෝධතාකරුවන් ඉල්ලීම් කරන්නේ, අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශයට භාරදිය යුතු බවටය.
ඝාතනය කෙරුණු වෛද්‍යවරියාගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පසුගිය 9 වැනිදා ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් තුළ තිබියදීය.
ඊට පෙර දින රාත්‍රියේ දී ඇයව දූෂණය කර මරා දමා ඇති බව පැවසේ.
වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ ස්වේච්ඡා සේවකයෙකු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම වෛද්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරිය ද ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි සඳහන්ය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…