Local

මැතිවරණ නීති උල්ලංඝනය කළ හිරුට වැඩ වරදියි !

හිරු මාධ්‍ය ජාලය, මැතිවරණ කොමිසම මඟින් නිකුත් කරන ලද මාධ්‍ය උපමානවලට පටහැනිව විවිධ වැඩසටහන් විකාශය කර ඇති අතර ඒ හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් රැසක් සිදුවී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිසම පෙන්වාදෙනවා.

හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම විසින් මේ බව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව එම ලිපියෙන් පෙන්වාදෙන්නේ, 2024.08.06, 2024.08.07 සහ 2024.08.08 යන දිනයන්හිදී විකාශය වූ “පත්තරේ විස්තරේ වැඩසටහන තුළ අපහාසාඅත්මක අදහස් ප්‍රකාශ කර ඇති බවයි. එමෙන් ම අධිඅරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට නොගැළපෙන හා දැඩි පක්ෂපාතිත්වයෙන් යුතුව එක් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් අදහස් දක්වා තිබීම, පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලයෙන් තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාසවන අයුරින් කටයුතු කිරීම ආදිය සිදුකර ඇතිබවට පැමිණිලි ලැබී ඇති බව පෙන්වා දෙනවා.

මැතිවරණ කාලය තුළ සියලු මාධ්‍ය ගුවන් කාලය භවිත කළ යුතු ආකාරය පෙන්වා දී ඇති අතර නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් සඳහා සහය දක්වන ලෙස මැතිවරණ කොමිසම, හිරු මාධ්‍ය ජාලය වෙත දැනුම් දී තිබෙනවා.

Team CNF

View Comments

  • මැතිවරණ කොමසමේ නියෝග සහ අවවාද කිරීම් නොතකා අද දිනයේ ද (15/08/2024) හිරු පත්තරේ විස්තරේ වැඩසටහනින් චමුදිත තම ඒක පාක්ශික තකතීරු විචාරය අවිචාරවත් ලෙස කලබව දන්වමු. මැතිවරණ කොමිසමේ ඉදිරි පියවර කුමක්ද ? මේ අශීලාචාර පුද්ගලයා වහාම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන්න .

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago