සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා බදුල්ලේ පැවති එක්ව ජයගමු රැස්විමේදීයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා දිය හැකි වුවත් එක්තරා නාලිකාවක් මෙම මන්ත්‍රීධූරය ලබා දීම සඳහා සජිත් මහතාට ඉඩ ලබා නොදෙන බව රැස්ව සිටි පිරිස අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.
මේ රටේ දේශපාලනය පාලනය කරන්නේ පෞද්ගලික නාලිකා බව පැවසු හරීන් ප්‍රනාන්දු මහතා හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය ලබාදී පෙන්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා කිසිවෙකුටත් යටත් නොවන පුද්ගලයෙක් ලෙස තමන් පිලිගන්නා බව වැඩිදුරටත් සදහන් කළා
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…