Local

මුලු බදුල්ලම උඩුයටිකුරු කරමින් එජාප ,සජබ,පොහොට්ටු,ශ්‍රීලනිප සියලු දෙනා රනිල් දිනවන සටනට කැපවෙයි !

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,හිටපු සංචාරක ඉඩම් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්,වඩිවෙල් සුරේෂ් ,අනුර විදානගමගේ,සමරවීර වීරවන්නි,අරවින්ද කුමාර්,සුදර්ෂණ දෙනිපිටිය ඇතුලු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්ගේ හමුවක් අද (11) පෙරවරුවේ පැවැත්විණි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා ඒකමතිකව තීන්දු කළේ එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමටය.

එම රැස්වීමට පැමිණ සිටි සියලු දෙනාගේ මතය වූයේ වසර 2ක් තුළ රට නැවත ගොඩනැඟීමට හැකි වූ නායකත්වයට තවත් වරක් අවස්ථාව ලබා දී මෙරට ආර්ථිකයේ දිශානතිය ගොඩනගා ජනජීවිතය තවදුරටත් සුබදායි කිරීම සඳහා කොන්දේසි විරහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එක්විය යුතු බවයි. ඒ සඳහා සියලු දෙනා අත් ඔසවා එකඟත්වය පළ කිරීම සිදු විය.
අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු හරින් ප්‍රනාන්දු මහතා සහභාගි වූ පළමු දේශපාලන වැඩසටහන මෙය වූ අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට තමන් සූදානම් බව එහිදී ඒ මහතා පැවසීය.

මෙහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට අභියෝග කරමින් කියා සිටියේ හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන විත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙසයි. තමන්ගෙන් පුරප්පාද වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් සමගි ජන බලවේගයේ කුලල් කා ගැනීම් ඉස්මතු වී ඇති බවද එහිදී හරින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago