ඉන්දීයානු මල්ලව පොර ශූරියව ඔලිම්පික් ගම්මානයෙන් පිටුවහල් කරයි !

11.1k Views
2 Min Read

විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පැරිස් ඔලිම්පික් ගම්මානයෙන් පිටුවහල් කළ ඉන්දීයානු මල්ලව පොර ශූරිය වන අන්ටිම් පංඝාල් ( Antim Panghal) අද (09) සිය රටට පැමිණ තිබෙනවා.

ක්‍රීඩිකාව සහ ඇයගේ කණ්ඩායමේ සියලු දෙනා මෙලෙස ඉන්දීයාවට පැමිණි බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පසුගිය බදදා, අන්ටිම්ගේ බාල සොයුරිය විසින් ඔලිම්පික් හැඳුනුම්පත භාවිත කර අදාළ ගම්මානයට ඇතුළු වී තිබුණා.ඒ, තමාගේ ඇඳුම් පැළඳුම් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් රැගෙන එන ලෙසට අන්ටිම්ගෙන් ලැබුණ උපදෙස් අනුවයි.එම සහෝදරිය ඔලිම්පික් ගම්මානයට ඇතුළු වීමට ඇගේ සොයුරිය සමත් වූවද, ඇය ඇය ඉන් පිටත්වීමට යාමේ දී බලධාරින්ගේ අත්අඩංගුවට පත් වී ඇති බව සඳහන්.

ඇයගේ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා සොයුරිය දේශීය පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.අනතුරුව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අන්ටිම් ද පොලිසියට කැඳවා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරින්ගේ අවධානය යොමු කිරීමෙන් අනතුරු ඇය ඇතුළු පිරිස ගම්මානයෙන් පිටුවහල් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඇයට ඔලිම්පික් පිළිගැනීම ලබා දෙන හැඳුනුම් පත ද අහෝසි කර තිබෙනවා.

මේ සිද්ධිය ඇතිවීමට පෙර අන්ටිම්, කිලෝග්‍රෑම් 53 තරගයේදී තුර්කියේ Yetgil Zeynep හමුවේ 0-10ක නින්දා සහගත පරාජයක් ලැබූ බව සඳහන්.මේ අතර අන්ටිම්ගේ පෞද්ගලික සහාය මණ්ඩලයේ පුද්ගලයන් දෙදෙනා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව කුලී රථයකින් ගමන් කර මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව රියදුරා පොලිසිය කැඳවා තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමින් ඔවුන්ව ද ඔලිම්පික් ගම්මානයෙන් පිටුවහල් කිරීමටයි කටයුතු කර ඇත්තේ.අන්ටිම් පංඝාල් අද (09) ඉන්ද්‍රා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අතර ඇය මාධ්‍යවේදීන් වෙත අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ බව සඳහන්.

Share This Article
Leave a comment