Local

මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් !

යම් යම් මතවාද පසෙකලා මාතෘභූමිය සහ පක්ෂය දිනවීම සඳහා යළි එක්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සිය පක්ෂයෙන් වෙන්ව ගිය මන්ත්‍රී කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.

ඔහු මෙම් ආරාධනාව සිදු කළේ, “2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ උත්වයෙන් පසුව මාධ්‍යය” අමතමින්. පසුගිය කාලයේ මෙන් එකාවන්ට එක්ව වැඩකළ හැකි බව ද එහි දී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

“අපි ඉදිරි ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. මම දේශපාලනයට පැමිණ වසර 50 කට වැඩි වෙනවා. 1970 වසරේ දී මම දේශපාලනයට පැමිණියා. මගේ දේශපාලන අත්දැකීම් අනුව මෙවර ජනාධිපතිවරණයෙන් අපි ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරනවා කිව්වම ඒ සම්බන්ධයෙන් සතුටු වෙන්න පුළුවන්. අපේක්ෂකයන් ඉන්නවා. නාමල් රාජපක්ෂ ඊට වඩා ප්‍රබලයි. පොහොට්ටුවෙන් ගිය මන්ත්‍රී කණ්ඩායමට ද යළි එන්න කියා අපි ආරාධනා කරනවා. ඇතැමුන් අනිවාර්යෙන් එනවා. පොහොට්ටුවෙන් ගිය පිරිසට මම ආරාධනා කරනවා අපි සමඟ එක්ව කටයුතු කරන්න කියලා.

පොහොට්ටුවට ආදරය කරන ජනතාව නාමල් රාජපක්ෂ පිලිගනු ඇතැයි මම විශ්වාස කරනවා. රටේ තරුණයෝ ටික තරුණ නායකත්වය සමඟ ගමන් කරයි. ඒ අය උදව් කරන්න ඕන. වැඩ කරන්න ඕන. එයාලගේ වගකීමක් ඒක. අරගලය විසින් ඉල්ලුවේ මෙරටට තරුණ නායකත්වයක්. දැන් අපි ඒ අවස්ථාව ලබාදී තිබෙනවා. ළඟින්ම සිටි පිරිසක් අපෙන් වෙන්ව යාම සම්බන්ධයෙන් කණගාටුවක් තිබෙනවා. නමුත් දේශපාලනයේ ස්වාභාවය එහෙමයි. එනවා යනවා. නමුත් මම වෙනස් වුණේ නැහැ.”

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago