News

විවාහයට උත්තේජනයක් සපයන උපාධියක් මෙන්න !

චීනයේ බීජිං පදනම් කරගත් සිවිල් කටයුතු විශ්වවිද්‍යාලයකින් පවුල් උපදේශනය, විවාහ සැලසුම් සහ විවාහය සඳහා උත්තේජයනය සපයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් කර උපාධියක් හඳුන්වා දී තිබෙනවා.

මෙවන් උපාධියක් හඳුන්වා දීමට හේතුව චීනයේ විවාහ අනුපාතය සහ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළ බැසීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙවැන්නක් හඳුන්වා දීමේ අරමුණ වී ඇත්තේ ‘විවාහයන් ප්‍රවර්ධනය කිරීම’යි.

විදෙස් වාර්තාවන්ට අනුව මේ වසරේ සැප්තැම්බරයේදී උපාධි පාඨමාලාව ඇරඹීමට නියමිතය.උපාධිය සඳහා සෑම වසරකම පළාත් 12ක සිසු සිසුවියන් 70ක් උපාධි අපේක්ෂකයින් ලෙස බඳවා ගැනෙන බව සඳහන්.

චීනය 2023 වසරේ දී සිය ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීමෙන් පසු, විවාහ අනුපාතවලට සමීපව සම්බන්ධ වන ‘නව උපත්වල අඩුවීම ආපසු හැරවීමට’ අරගල කරමින් සිටියි.

දරුවන් ලියාපදිංචි කිරීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට දෙමාපියන් විසින් විවාහ සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු පුළුල්ව පැතිරුණු ප්‍රතිපත්ති හේතුවෙන් ‘විවාහය දරුවන් ලැබීම සඳහා පූර්ව අවශ්‍යතාවයක්’ ලෙස සැලකේ.

නමුදු තනිකඩ කාන්තාවන් සහ LGBTQ යුවළ සඳහා එකම අයිතිවාසිකම් හිමි නොවේ.

ඒ අනුව ”විවාහ සේවා සහ කළමනාකරණය” ලෙස හැඳින්වෙන මෙම නව උපාධි වැඩසටහන විවාහය ආශ්‍රිත සේවාවන්හි දියුණුව කෙරෙහි ද අවධානය යොමු කරනු ඇති.

එමෙන්ම චීනයේ ධනාත්මක විවාහ – පවුල් සංස්කෘතිය සිසුන්ට සහ මහජනතාවට ඉස්මතු කිරීමත් චීනයේ විවාහ චාරිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමත් මෙහි අරමුණක් වන බව සඳහන්.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago