බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති බවයි.
විරෝධතාකරුවන් අතර සිටින ශිෂ්‍ය නායකයන් අද දිනයේ හමුදා නිලධාරීන් හමුවීමට නියමිතව තිබෙනවා.
ඔවුන් අවධාරණය කරන්නේ හමුදා නායකත්වයෙන් යුතු හමුදාව විසින් මෙහෙයවන රජයක් පිළිනොගන්නා බවයි.
මේ අතර, අලුතින් පත් කෙරෙන අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක ලෙස මොහොමඩ් යුනූස් මහතා නම් කිරීම ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ ඉල්ලීමක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බංග්ලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාගේ දේශපාලන සතුරෙකු ලෙස සැලකෙන 84 වියැති යුනූස් නොබෙල් සාම ත්‍යාගය ලැබූවෙකු බව සඳහන්.
මේ වන විට අසනීප තත්වයක් සඳහා පැරීසියේ ප්‍රතිකාර ලබන යුනූස් විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට එකඟතාවය පළ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඔහුගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ වෛද්‍ය ප්රතිකාරවලින් අනතුරුව ඔහු ඉක්මනින් බංග්ලාදේශයට පැමිණීමට නියමිත බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…