Local

අගමැතිකමෙන් එළවපු හසීනා දේශපාලනයෙන් ඉවත් වෙයි !

බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් ඉවත් වී විරෝධතාවලින් පිරි රට හැර ගිය ෂීක් හසීනා නැවත දේශපාලනයට නොඑනු ඇතැයි ඇගේ පුත්, හිටපු ප්‍රධාන උපදේශක සජීබ් වජේඩ් ජෝයි පවසයි.

රට පරිවර්තනය කිරීමට ඇය උත්සාහ කළත් ඇගේ රජයට එරෙහිව ඇති දැඩි ජනතා අප්‍රසාදයෙන් කලකිරුණු ඇය ඉල්ලා අස්වීමට තීරණය කළ බව සජීබ් වජේඩ් ජෝයි බීබීසී ලෝක සේවයේ ‘Newshour’ වැඩසටහනේදී පවසා ඇත.

“ඇය බංගලාදේශය කණපිට හැරෙව්වා. ඇය බලයට පත්වන විට එය අසාර්ථක රාජ්‍යයක් ලෙසයි තිබුණේ. දුප්පත් රටක් හැටියට තිබුණේ. අද වන තුරු එය ආසියාවේ නැගී එන බලවතුන්ගෙන් එක් රටක් ලෙස සැලකුණා, ”

යැයි ජෝයි පැවසීය.

ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ පසුගිය මාසය තුළ බංග්ලාදේශයේ 300කට වැඩි පිරිසක් මිය ගිය අතර, විරෝධතා ආරම්භ වූයේ රැකියා කෝටාවක් සම්බන්ධයෙනි.

එසේවුවද කෙටි කලකින් එය අගමැතිවරියට ඉල්ලා අස්වන ලෙස කරන ලද ඉල්ලීමක් බවට පරිවර්තනය විය.

ෂීක් හසීනාගේ විවේචකයන් ඇයට චෝදනා කළේ දූෂණය සහ ඥාති සංග්‍රහය පමණක් නොව සිවිල් නිදහස කප්පාදු කිරීම ද සම්බන්ධයෙනි.

බොහෝ අය චෝදනා කළේ, ඇය ගෙන ආ ආර්ථික ප්‍රගතිය සහ සංවර්ධනය එම ක්‍රියා හේතුවෙන් යටපත් වූ බවයි.

විරෝධතාකරුවන් සම්බන්ධයෙන්ද රජය දැඩි ලෙස කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනා ඇගේ පුත්‍රයා ප්‍රතික්ෂේප කළේය.

“ඊයේ පමණක් පොලිස් නිලධාරීන් 13 දෙනෙක් පහර දී මරා දමා තිබෙනවා. ඉතින් මැර කල්ලි මිනිස්සුන්ට ගහලා මරනකොට පොලිසියෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ?” යනුවෙන් ඔහු විමසයි.

ෂීක් හසීනා ඉරිදා සිට ඉල්ලා අස්වීමට සළකා බලමින් සිටි බවත් ඇගේ පවුලේ අයගේ බලකිරීමෙන් පසු ඇයගේ ආරක්ෂාව සඳහා රට හැර ගිය බව ඔහු පැවසීය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago