News

ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ රථ වාහන සැලැස්මක් !

මේ අතර, අතිපුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

අද පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා එම විශේෂ රථ වාහන සැලැස්ම ගංගාරාම විහාරස්ථානය අවට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග වන්නේ,

පෙරහැර මාවතෙන් සහ ජිනරතන මාවෙතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ධර්මපාල මාවත, ජේම්ස් පිරීස් මාවත හන්දියෙන් ජේම්ස් පිරීස් මාවත දෙසට ඇතුළු වීම සීමා වෙයි.

ජිනරතන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට ඇතුළු වීම සීමා වනු ඇති.

මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි අතර, අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි වනවා.

නවම් මාවත දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි බවත්, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකි බවත් පොලිසිය සඳහන් කරයි.

මුත්තයියා පාර බේබෘක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුළු වීම වසා ඇති අතර ජිනරතන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීමද අදාල කාලය තුළ වසා තැබෙනු ඇති.

පොලිසිය පැවසුවේ රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීමද වසා ඇති බවයි.

ආදාහන පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ ඉඩ පහසුකම් වෙන්කර තිබේ.

Team CNF

Recent Posts

IPL වෙන්දේසියේ කෝටි ගණනකට අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා මෙන්න !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…

2 hours ago

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ !

පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…

2 hours ago

උසස් පෙළ සිසුන්ට හදිසි දැනුම්දීමක් !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…

2 hours ago

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

15 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

16 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago