Local

අරුණ ඉතිහාසය අලුත් කරමින් මීටර් 400 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට !

ශ්‍රී ලංකා ඉතිහාසය අලුත් කරමින් ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට අරුණ දර්ශනට හැකියාව ලැබුණා.

ඒ පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමින්.

මූලික වටයේ තරග 06කින් සමන්විත වූ මෙම තරග ඉසව්වේ 05 වැනි මූලික තරගයට අරුණ සහභාගි වුණා.

එහිදී ඔහු තත්. 44.99කින් තරගය අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර, මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාව බව සඳහන්.

ඒ අනුව සුගත් තිලකරත්නගෙන් පසු මීටර 400 ඉසව්වක් තත්ත්පර 45 සීමාවෙන් අවසන් කළ පළමු ක්‍රීඩකයා ලෙසින් තවත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමටද අරුණට හැකිවුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago