ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ එතර අපි සංවිධානය විසින් සංවිධානය කරන ලද උත්සවයකට සහභාගි වූ සංවිධායකයන් සහ සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු කුවේට් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බව තමාට දන්වා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
සිය X ගිණුම ඔස්සේ ඇමැතිවරයා පණිවිඩය නිවේදනය කර ඇත.
ඇමතිවරයා සිය X ගිණුමට එක්කර ඇති අදාළ සංගීත සංදර්ශනයේ ප්‍රචාරක දැන්වීමට අනුව උපේඛා නිර්මාණි, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාපා ලියනගේ සහ ජොලි සීයා ඇතුළු ශ්‍රී ලාංකික සංගීතවේදීන් පිරිසක් ඊට එක්වන බව දැක්වේ.
කුවේට්හි තානාපති කාර්යාලය අමතා ඇති අතර හැකි ඉක්මණින් ඔවුන්ව නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…