“එතෙර අපි” නම් සංවිධානය විසින් සංවිධානය කළ වැඩසටහනකට සහභාගීවූ කලාකරුවන්, සංවිධායකයින් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු පසුගිය 2 වනදා කුවේට් හිදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එලෙස අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට නිදහස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.
එතෙර අපි’ නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.
ඒ අනුව ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…