විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ තමන්ට කිසිඳු ගණුදෙනුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තංගල -කාල්ටන් නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු මෙහෙයවීමේ වගකීම ද නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චනද්‍රසේන හා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරුන් ජනාධිපතිවරයාට සහය පළ කිරීම හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු මේ වනවිට අඩපණව තිබෙන බව වාර්තා වේ.