සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් දෙදෙනකු වන දිල්ශාන් මධුසංක සහ මතීෂ පතිරණ ආබාධයන්ට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (1 වැනිදා) සඳහන් කළේය.
ආබාධයට ලක් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් මොහොමඩ් ශිරාස් සහ නවක ක්‍රීඩක එශාන් මාලිංග සංචිතයට එක් කොට තිබෙන අතර අතිරේක ක්‍රීඩකයන් වශයෙන් කුසල් ජනිත් පෙරේරා, ප්‍රමෝද් මධුශාන් සහ ජෙෆ්රී වැන්ඩර්සේ සංචිතයට එක් කොට ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර, බිනර ප්‍රනාන්දු, නුවන් තුෂාර, මතීෂ පතිරණ, දිල්ශාන් මධුසංක සහ ලහිරු කුමාර මේ වන විට ආබාධයන්ට ලක් වී තිබෙන අතර මේ වන විට ප්‍රමෝද් මධුශාන් ආබාධයකින් සුවය ලබමින් සිටින බවද වාර්තා වේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…