World

ඔලිම්පික් කාන්තා බොක්සිං ඉසව්වේ මතභේදාත්මක සිද්ධිය පිළිබඳ ඔලිම්පික් කමිටුවේ මතය මෙන්න (PHOTOS)

ඊයේ (01) දිනයේදී පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී මතභේදාත්මක සිද්ධියක් ඇතිවුණා

ඒ කාන්තා බොක්සිං ඉසව්ව සඳහා ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි ප්‍රමාණයේ කාන්තාවක් ක්‍රීඩා කිරීම නිසාවෙනි.

ඊයේ දිනයේදී බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි සහ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් අතර පැවැත්වුණා

කලීෆ් සමග ඇන්ජෙලා කරීනි අතර තරගය පැවැත්වූයේ තප්පර 46ක් වැනි කෙටි කාලයක් පමණි.

කලීෆ් යනු උපතින්ම ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කාන්තාවක්

තරගයෙන් පසු කරීනි සඳහන් කළේ, “මම කවදාවත් ඒ වගේ පහරවල් වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි. මගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය බැවින් මම ඔලිම්පික් තරගය නතර කළා.”යනුවෙනි.

මේ සමග කලීෆ් කාන්තා අංශය නියෝජනය කරමින් බොක්සිං ඉසව්ව නියෝජනය කිරීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම කතාබහක් නිර්මාණය වී තිබෙනවා

ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීම සඳහා සිදු කරන ලද ටෙස්ටෙස්ටරෝන් පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් පසුගිය වසරේ පැවති ලෝක ශූරතාව තරගාවලියෙන්ද කලීෆ්ව ඉවත් කර තිබුණා

මෙම සිද්ධිය සමඟින් ප්‍රසිද්ධ ගත්කතුවරියක් වන ජේ. කේ. රෝලින්ග්, එංගලන්තයේ හිටපු අගමැතිවරියක් ඇතුළු බොහෝ පිරිසක් කලීෆ් කාන්තා අංශය නියෝජනය කිරීම සම්බන්ධයෙන් එක්ස් පණිවිඩ නිකුත් කරමින් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබුණි.

නමුත් ඉමානේ සංක්‍රාන්තික ලිංගිකයෙක් නොව, ඇයගේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බව ඔලිම්පික් කමිටුව පවසයි

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉමානේ කලීෆ් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම විශේෂත්වයකි.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කලීෆ්, එම වටයේදී හංගේරියා ක්‍රීඩිකාවක් සමග තරග වැදීමට නියමිතයි

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago