Local

මෙම වසරේ මුල් මාස 6 තුළ සංචාරක කර්මාන්තයේ ආදායම ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව !

මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න වර්ධනයක් බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

සංචාරක ඉපයීම් හැර සේවා අංශය වෙත මේ වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,762ක ලැබීම් වාර්තා වී ඇති බව සඳහන්ය.

මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ එම කාලවීම තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර ජුනි මාසය අවසාන වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ද ජූනි මාසය දක්වා අති ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago