පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා රාජකාරි සදහා ඊයේ (31) යමින් සිටියදී මෝටර් රථය ලොරි රථයක ගැටී අනතුරකට ලක්ව ඇති අතර පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිල රථයට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
රුවන් ගුණසේකර මහතා වාද්දුවේ පිහිටි සිය නිවසේ සිට කොළඹ පොලිස් මූලස්ථානය දක්වා ගමන් කරමින් සිටියදී ගාලු පාරේ නල්ලූරුව ප්‍රදේශයේ දී ඒ දෙසටම ගමන්ගත් ලොරි රථයක ගැටී තිබේ.
අනතුරෙන් පසු රුවන් ගුණසේකර මහතා වෙනත් පොලිස් ජීප් රථයක් ගෙන්වාගෙන රාජකාරි සදහා වාර්තාකර ඇත.
ලොරි රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බැවින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපමත මුදාහැර ඇති බව පොලිසිය පවසනවා..
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…