Local

ණය නියාමන පනත නැවත සකසන්න NGO ලොක්කාට පවරයි !

පසුගිය දා අන්දොලනයට තුඩු දුන් ණය නියමන අධිකාරි පනත එහි බලපෑමට ලක්වන සියළු පර්ශවයන්ගේ අදහස් ලබාගෙන නැවත සැකසීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇත.

ඒ සඳහා හේතුවී ඇත්තේ මුදල් හා ආර්ථික ස්ථායිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණ ලද ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත සිවිල් සංවිධාන වල සහ එම කෙටුම්පතින් බලපෑමට ලක්වන අනෙකුත් පාර්ශ්ව වල මහත් විරෝධයකට ලක්වීම නිසා ඇතිවූ තත්ත්වයයි.

පාර්ශව ගණනාවක් මෙම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලද අතර එහිදී පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලද්දේ එම පනතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවත් ය.

ඒ අනුව එම පනත් කෙටුම්පත ඉවත් කරගැනීමට රජය තීරණය කල අතර, ඉන් අනතුරුව එම කෙටුම්පත සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා සියලු පාර්ශවයන් නියෝජනය කරන කමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණි.

සංජීව විමලගුණරත්න මහතා ප්‍රධානීත්වය දරන එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ මහ බැංකුවේ නියෝජිතයින් දෙදෙනෙක්, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් දෙදෙනෙක්, ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිතායතන සංගමය නියෝජනය කරමින් එක් නියෝජිතයෙක්, ප්‍රජා ණය කටයුතුවල නියැලෙන ප්‍රජා සංවිධාන නියෝජනය කරමින් එක් නියෝජිතයෙක් සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වින්දිතභාවයට ලක්වූවන් නියෝජනය කරමින් එක් නියෝජිතයකු වශයෙන් සමාජිකයින් 08 දෙනෙකි.

සංජීව විමල ගුණරත්න මහතා අද දින මාලබේ ප්‍රජා අධ්‍යයන කේන්ද්‍රයට ගොස් ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සංවිධාන, ප්‍රජා මූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වින්දිතභාවයට පත්වූවන් ගේ නියෝජිත කණ්ඩායම් හමුවූ අතර එහිදී ඔවුන්ගේ නියෝජිත කණ්ඩායම් හඳුනාගැනීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව ඒකාබද්ධ ප්‍රජා සංවර්ධන කාන්තා මහා සංගමයේ වැලිගෙපාල
එම් රේණුකා භද්‍රකාන්ති, ක්ෂුද්‍ර මුල්‍ය නිසා විපතට පත් වුවන්ගේ සංවිධානය -පොලොන්නරැව කේ. සුනෙත් අරැණ කුමාර හා ඌව වෙලල්ලස්ස කාන්තා සංවිධානය මොණරාගල අමාලි වෙදගදර මහත්මිය ඇතුලු නියොජිතයන් ඔවුන් විසින් මෙම කමිටුවට නම් කර ඇත.

මෙම සියළු පාර්ශවයන්ගෙන් අදහස් ලබාගෙන පනත් කෙටුම්පත කඩිනමින් සමාලෝචනය කර සංශෝධිත කෙටුම්පත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න මහතා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Team CNF

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

6 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

8 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

9 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago