ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට රජයේ හෙද හෙදියන් නිල ඇඳුමින් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව කැෆේ සංවිධානය පවසයි.
ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ඒ පිළිබඳව දැනුම්දෙමින් ලිපියක් යොමුකරමිනි.
මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන කාර්යයන් වෙනුවෙන් යොදාගැනීම ආයතන සංග්‍රහය අනූවත් මැතිවරණ නීතිය අනූවත් වැරදි ක්‍රියාවක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවය.
මේ අතර ආරක්ෂක ප්‍රධානීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (29) පැවැත්වුණි.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එහි පැමිණ තිබේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…