Cricket

සිංහ ධේනුවන් ශ්‍රී ලංකාවට මංගල ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානය ගෙන එයි !

පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද (28) සමත් විය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි20 කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පත්විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8 කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.

හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6 ක්සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් ජයග්‍රහණය දක්වා රැගෙන ආවාය.හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කවීෂා දිල්හාරි පන්දු 16 කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් වූවාය.චමරි අතපත්තු පන්දු 43 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 165

(ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)

ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2 ට 167

(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30)

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago