වැඩබලන පොලිස්පති පත් කිරීම මගහරිමින් රනිල් තවත් අර්බුදයකට සැරසෙයි – කතානායකට විශේෂ දැනුම්දීමක් !

1.5k Views
1 Min Read

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට තමන්ට නීති උපදෙස් ලැබී ඇතැයි ද, ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ද ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.

එසේ තිබිය දී අධිකරණ නියෝගය අනුව ඊයේ දිනය වන තෙක් වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම මග හරිනු ලැබූ ජනාධිපතිවරයා අද මෙම ප්‍රකාශය නිල වශයෙන් කථානායකවරයා වෙත දැනුම් දී තිබීම නැවත මැතිවරණය අර්බුදයකට ලක් කෙරෙනු ඇතැයි විචාරකයෝ පවසති.

වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදුකළ යුතු බවත්, ජනාධිපතිවරයාගේ නිර්දේශයට අනුමැතිය ලබා දීමේ බලය සහිත ව්‍යවස්ථා දායක සභාවට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ බලයක් නැති බවත් ඊයේ පාර්ලිමේන්තුව තුළ දී පැහැදිලි ලෙස ප්‍රකාශයට පත් විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද ව්‍යවස්ථාදායක සභාව රැස් වීමට නියමිතය.

Share This Article
Leave a comment