හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ විරෝධතාවය මධ්‍යයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ විවෘත කරන ලද නව තැබෑරුම් දෙක වසා දැමීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) දින පනාගොඩ පැළෑදගොඩ ප්‍රදේශයේ දී පැවසීය.
මම පහුගිය කාලේ පොසොන් කලාපයක් කරලා ලක්ෂ ගණනක් ජනතාව ආපු හෝමාගම පිටිපන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරුවෝ වැඩලා දුන්නා වගේ පොසොන් කලාපය ඉවර වෙනවාත් සමගම තැබෑරුම් දෙකක් ආරම්භ කරන්න කටයුතු කරල තිබුණා. ඒ සම්බන්ධයෙන් අපි පිටිපන හන්දියේ උද්ඝෝෂණයකුත් කලා. මම කිව්වා හෝමාගම එහෙම තැබෑරුම් බලපත්‍ර ලබාදෙනවා නම් ඒ ආණ්ඩුවේ ඇමතිකම් කරන්න මම සූදානම් නෑ කියලා. ඒ අනුව ආරම්භ කරන ලද තැබෑරුම් දෙක ඊයේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
යැයි ද පැවසීය.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසි දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ගණනාවක් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහලොස් දහසකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසල් කිහිපයක් සහ වාර්ෂික පොසොන් කලාපය සිදු කරනු ලබන අවුකන පිලිම අනුරුව ආසන්නයේ මෙලෙස තැබෑරුම් විවෘත කිරීමට හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් සිටිනාතාක් ඉඩ නොදෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…